සිවිල් ඇඳුමින් සැරසි යතුරුපැදියකින් ගමන්ගත් පොලීසියේ නිලධාරින් දෙදෙනෙකුට පහරදි ඇති බව වාර්තා වෙයි. යාපනයේ චුන්කාමන්හිදි මෙම පහරදීම සිදුව ඇති බවත් පොලීසියේ දෙදෙනාගේ කැපුම් තුවාල ඇති බවත් වාර්තාවෙයි.
අංක තහඩු නොමැති යතුරු පැදියකින් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන අයුරින් පැළදි හිස් ආවරණ සහිතව (Full Face Helmet) පැමිණි දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර පළාගොස් ඇති බවද වාර්තාවෙයි.
තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙන බවත් වාර්තා වෙයි.