(UPDATE) චීනයේ නිරිතදිග පිහිටි යුනාන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මෙම ප්‍රබල භූ කම්පනය නිසා ජීවිත හානි 175 ක් දක්වා වැඩි වී ඇති අතර, මෙය තවත් ඉහළ යා හැකි බවද කියැවෙයි.
එමෙන්ම, භූ කම්පනය හේතුවෙන් 1,400ක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
එරට වේලාවෙන් අද පස්වරු 4.30ට පමණ ඇති වූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.1 ක අගයක් පෙන්වා ඇති බවත, ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
යුනාන් පළාතේ කිලොමීටර් 11 ක් පොළව ගැඹුරේ මෙම කම්පනය හට ගෙන තිබේ.
මෙම භූ කම්පනය හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති අතර වසර 14කට පසුව යුනාන් පළාතට බලපෑ දරුණුතම භූමිකම්පාව ලෙසද මෙය සැලකෙයි.