චීනය විසින් ශ්‍රී ලංකාවට කළ උපකාර ශ්‍රී ලංකාවට අමතකව වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. චීන තානාපිත යී ෂියෑන්ලින් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවීම පිළිබඳව සිය ටිවිටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
චීන තානාපතිවරයා මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් පසුගියදා කළ ප්‍රකාශ පිළිබඳව කරුණු විමසීමටත් ඒ රජය විවේචනය කිරීම පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමටත් චීන තානාපතිවරයා මෙම සතියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැඳවනු ඇති බව මාධ්‍ය වාර්තා කරනු ලැබීය.
ඇත්ත කතා කිරීම වෙනුවේ චීන තානාපතිවරයා මෙදේ කැඳවා ඇති බවත් යහපාලනය විසින් බටහිර නොවන රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ට අඩත්තේට්ටම් කරන බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.