කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටින් අද (03දා) පස්වරු 2.10 චීනයේ ෂැංහායි බලා පිටත් වු ශ්රී ලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝශයක් නිසා නැවත පැමිණියේය.
යානය නැවත පස්වරු 2.50 ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේය. එහි මගීන් 165 ක් හා කාර්ය මණ්ඩලය 15 දෙනකු ගමන් කර තිබේ.