චීනයේ ජනාධිපති ෂී ජිනපින්ග් මහතාගේ දෙවැනි ධුර කාලයත් සමග ශ්රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා ශක්තිමත් කර ගත හැකි බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
චීන ජනාධිපති ලෙස නැවතත් පත්වූ ෂී ජින්පින්ග් මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.
ශ්රී ලංකාව හා චීනය අතර දශක ගණනාවක් තිස්සේ පැවැත්වෙන ද්විපාර්ශ්වික සබඳතාව නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යෑමට මෙය සුදුසු කාලය වන බව අග්රාමාත්යවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙයි.