නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් සිදුවී ඇති අතර දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකෙරුණු බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කර එම ගිවිසුමට එළැඹීමට එකඟතාවක් ද ඇතිකරගෙන ඇත.
මේඅතර චීන විදේශ අමාත්‍යවරයා අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටද නියමිතය.