ප්‍රධාන ව්‍යාපෘති සමග තවදුරටත් චීනය ශ්‍රී ලංකාව සමග සමිපව කටයුතු කරන බව චීනය සඳහන් කරයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර චීනයේ පැවැති සාකච්ඡාවේදී චීන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්, ආයෝජන හා වෙළඳාම යන ක්ෂේත්රවල දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනනේ ඔවුන්ගේ කෙටි නිවේදනය තුළ චීනය ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘත පිළිබඳව හැඳින්වීමක් නොතිබුණ බවයි.