චීන හා ඉන්දීය ජාතිකයන් ලක්ෂයක් පමණ මෙරට ඉදිකිරීමේ කර්මාන්තය තුළ විවිධ රැකියා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉදිකිරීම්, කර්මාන්ත සංවර්ධන පනත සම්බන්ධ සංවාදයට සහභාගී වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
2011 වසර වනවිට චීන ජාතිකයන් 25,000ක්ද, ඉන්දීය ජාතිකයන් 33000ක්ද මෙසේ මෙරට රැකියාවල නිරත වී ඇත. අද වනවිට එම සංඛ්‍යාව 100,000 ට වඩා වැඩි වී ඇති බව ඔහු කීය.
එනමුත් දේශීය කාන්තාවන් විදේශ රටවල වහල් සේවයේ යෙදෙන බැවින් විදේශිකයන්ට රැකියා සපයනු වෙනුවට මෙරට පුරවැසියන්ට රැකියා ලබාදීමට රජය කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කළේය.
මෙරට ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීමට දේශීය ඥානය, අමුද්‍රව්‍ය හා පුද්ගලයන් යොදාගැනීම තුළින් පමණක් මෙරටට නියම අර්ථික වාසි ලබාගත හැකි බවද ඔහු පවසා සිටියේය.