චීන රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලබාදෙන අඛණ්ඩ සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයිමට ලක්ව ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
චින කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය නායක, චීන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක Zhang Baowen මහතා ඇතුළු දූත පිරිසක් හා පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා ඉහත අදහස් දක්වා තිබේ.
අද (20දා) පෙරවරුවේදී ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුව තිබේ. කොළඹ පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම ප්රෙදේශයකම පාහේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සංවර්ධන ව්‍යාපෘති දැකගත හැකි බවත් අනාගතයේදීත් චීනයේ දායකත්වය බලාපොරොත්තුවන බව ජපතිවරයා මෙහිදී තවදුරටත් පවසා තිබේ.