අධිවේගී මාර්ග, වරාය සහ ගුවන් ආශ්රිත යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා චීන රජයේ පූර්ණ සහාය ඉදිරියේදීත් ශ්‍රි ලංකාවට ලැබෙන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති ෂියන් ලියැන්ග් මහතා ප්‍රකාශ කරයි.
චින තානාපතිවරයා තවදුරටත් පැවැසුවේ චීන - ශ්‍රී ලංකා සබඳතා පවතින්නේ ආරක්ෂක කටයුතු පිළීබඳව නොව මිත්රත්ත් පදනම් කරගෙන බවයි.
චීනයේ චින්ග්ඩාඕ (Qingdao) වරාය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගිවිසුමකට එළැඹිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්විය. වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මේ සඳහා එක්විය.
එසේම වරාය ආශ්රිත ගිවිසුම් සඳහා එළැඹීමේදි එම ව්‍යාපෘතියෙන් සියයට 51ක අයිතියක් ශ්‍රී ලංකා රජයට හිමිවීම ප්රමුඛ කරුණක් බව ක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසා තිබේ.
අද (15දා) පෙරවරුවේ මෙම ගිවිසුමට එළැඹීය.