චීන ආරක්ෂක අංශයන්ට අයත් සබ්මැරීන් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දියාවේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
එසේම ඉන්දීය සාගර කලාපයේ චීන නාවික අභ්‍යාස කටයුතු වල වර්ධනය පිළිබඳව ඉන්දියාවේ අවධානය යොමුව තිබෙන බවත් ඔවුහු පවසති.
චීන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව චීනයට අයත් සෝන්ග් ක්ලාස් නැමැති සබ්මැරීනය කොළඹ නැව් තටාකාංගනයට පැමිණීම පිළිබඳවද ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය සාගර කලාපය භාර නාවික ආඥාපති අද්මිරාල් රොබින් ධොවාන් පවැසුවේ ඉන්දියානු සාගර කලාපයේ චීන ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තරයෙන් විමර්ශනය කරන බවත්, ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත්ය.