චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතා වර්ධනය කරමින් ක්ෂේත්‍ර රැසක ද්වීපාර්ශ්වික ගිවිසුම් 27කට අත්සන් තැබීම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී-ජින්පින් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) සිදුවිය.
ශ්‍රී ලංකාව හා චීනය අතර ක්රමෝපායික් සහයෝගීතා හවුල වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම, චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කතිකාව දියත් කිරීම ඇතුළු නීතිය, ආර්ථික හා මූල්‍ය, විද්‍යා හා තාක්ෂණික, සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා නාවුක, අධ්‍යාපන, සංස්කෘතික, කලා හා මාධ්‍ය, කෘෂිකර්ම, රේගු හා බැංකු ආදී ක්ෂේත්‍ර රැසක ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබුණි.