නැවත වැඩ ආරම්භ කිරීමට නියමිත චීන වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා සකස් කළ පරිසර ඇගයීම් වාර්තාවට ස්ථාන 11කදී ජනතා අදහස් ලබාදිය හැකි බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලබන ජනවාරි මස 13 වැනිදා දක්වා ජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙන බවත්, එලෙස ලබාගත් අදහස් තාක්ෂණ කමිටුවට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
මේ අනුව ජනතා අදහස් ඉදිරිපත් කිරීම සඳහා පරිසර ඇගයීම් වාර්තාව කොළඹ මහනගර සභාව, කොළඹ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ, මධ්‍යම පරිසර අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මීගමුවේ පිහිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහවත්තල ප්‍රාදේශීය සභාව තුළ ප්‍රදර්ශනයට තබා ඇතැයිද ඔහු පවසා සිටියේය.