චීනයේ යැංග්සේ ගංගාවේ පසුගිය සඳුදා ගිලී ගිය නෞකාවේ සිටි පුද්ගලයන්ගෙන් 331 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට තහවුරු වන්නේ යැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඊස්ටන් ස්ටාර් නැමැති නෞකාව ඊයේ දිනයේදී ගංගාවෙන් ඉහළට ගැනීමට කටයුතු කළ අතර, එහි තවත් ජීවතුන් අතර පුද්ගලයන් සිටීමේ සම්භාවිතාව බොහෝ අඩු බව චීන බලධාරීහු පවසති.
456 දෙනෙකු ගමන් කළ නෞකාවේ පුද්ගයන් 14 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබුණු අතර, එහි නෞකාවේ කාර්ය මණ්ඩලය හා තවත් මගීන් කිහිප දෙනෙකු වූහ.
කෙසේ වෙතත් තවත් 100කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බව චීන බලධාරීහු පවසති.
චීන ඉතිහාසයේ වසර 60ක කාලය තුළ සිදුවූ දරුණුතම නෞකා අනතුර ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.