මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට නව තානාපතිවරයා වන යී සියැංලින්ග් මහතා අද (23දා) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මුණගැසිණි.
එහිදී පැවති සුහද පිළිසඳරේදී , චීනය මෙරටට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළකල අමාත්‍යවරයා, ඉදිරියටත් චීන ශ්‍රීලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට නව තානාපතිවරයාට සුභපැතුම් එක් කළේය.
මෙම අවස්ථාව සිහිපත්වීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් චීන තානාපතිවරයාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.