නීතිවිරෝධී ලෙස චීනයේ සිට ගෙන ආ රුපියල් ලක්ෂ 48 ක් වටිනා චීන සිගරැට් තොගයක් සමග 30 හැවිරිදි චීන ජාතික කාන්තාවක ඊයේ (22දා) කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
සැකකාර කාන්තාව ඊයේ උදෑසන 8.00 ට පමණ චීනයේ සිට කටුනායකට පැමිණ තිබේ. ඇය සිය ගමන් මල්ලේ චීනයේ නිෂ්පාදිත සිගරැට් කාටූන් 477 ක් සඟවා ගෙන පැමිණි ඇතැයි රේගුව සඳහන් කරයි.
සිගරැට් තොගය රාජසන්තක කිරීමටත් සැකකාරියට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමටත් රේගුව කටයුතු කර තිබේ.