චීනයේ ග්වන්සි ප්‍රාන්තයේ නැනින්හි වාර්ෂිකව පවත්වන චීන - ආසියාන් වෙළෙඳ ප්‍රදර්ශනයට (CAEXPO) ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගැනීම සඳහා විශේෂ චීන දූත පිරිසක් ඉදිරි සති දෙක තුළදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රදර්ශනය මෙවර 12 වැනි වරට පැවැත්වේ. මීට පෙර සියලු අවස්ථාවල ආසියාන් (ASEAN) රටවල ව්‍යාපාරිකයන් පමණක් ප්‍රදර්ශනයට එක්කර ගත්තද මෙවර ශ්‍රී ලංකාවද ප්‍රදර්ශනයට එක්කර ගන්නා බව CAEXPO මහලේකම් වන්ග් ලී මහතා පැවසීය.
චීනය හා ආසියාන් රටවල් අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම් හා ආයෝජන තරකිරීම ඉලක්ක කරගෙන මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. එහිදී අදාළ රටවල රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, නිලධාරීන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන් මෙන්ම ජනමාධ්‍ය ප්‍රධානීන් හා ජනමාධ්‍ය‘වේදීන්ද එකම තැනකදී හමුවීම සුවිශේෂී සිදුවීමක් බවද වන්ග් ලී මහතා පැවසීය.
මෙම ප්‍රදර්ශනය පිළිබඳව ආසියාන් රටවල්, ශ්‍රී ලංකාව හා කිර්ගිස්තාන මාධ්‍ය‘වේදීන් දැනුම්වත් කිරීම සඳහා මේ දිනවල චීනයේ නැනින්හිදී පැවැත්වෙන වැඩමුළුවකදී වන්ග් ලී මහතා ජනමාධ්‍ය ප්‍රධානීන් හා ජනමාධ්‍යවේදීන් අමතා මෙම කරුණු අනාවරණය කළේය.
කාංචන දසනායක චීනයේ නැනින් නුවර සිට