වැලිගම පොලිස් වසමේ උඩුපිල ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි විදේශිකයින් කිහිපදෙනෙකු අතරින් දියේ ගිලුණු චීන ජාතිකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙන බව පොලීසිය කියයි. ඊයේ (18දා) මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 29ක් වන සැන්ග් ජින්ග් නම් පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.