ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන බව පවසමින් මෙරට සිටින ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් 30 දෙනෙකුගේ නිර්මාණ ලබාගෙන වංචාවක යෙදුණු පුද්ගලයන් කණ්ඩායමක් පිළිබඳව මොරටුව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳව ඊයේ (03දා) සවස මොරටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, අද දිනයේදී මෙහි ප්‍රධාන සැකකරු පදිංචි ස්ථානය සොයා පොලිස් කණ්ඩායම් පරීක්ෂණ සිදුකරනු ඇත. නෙළුම් පොකුණු රඟහලේ සහ ජාතික කලා භවනේ මෙම ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන බවට කලාකරුවන්ට පවසමින් රුපියල් ලක්ෂ 02 කට වඩා වටිනා චිත්‍ර නිර්මාණ මෙම පුද්ගලයන් ලබාගෙන ඇතැයි දැනට හෙළි වී තිබේ.