ඩේවිඩ් පෙන්ටර් විසින් අඳින ලද බව කියන චිත්‍ර 19 ක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වන ඇල්බට් ධර්මසිරි මහතා රුපියල් පන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ලබාදී තිබූ මෙම චිත්රවලින් 11 ක් කිසියම් පුද්ගලයෙකුට විකුණා දමා තිබූ බවත්, 07 ක් මහාචාර්යවරයා සතුව තිබී සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
චෝදනා එල්ලවීම නිසා අද (17දා) දින සැකකාර මහාචාර්යවරයා අධිකරණයට ඉදිරිපත් වීම හේතුවෙන් ඔහුඇප මත මුදාහැරීමට කටයුතු කර තිබෙන අතර, අදාළ චිත්‍ර 18 ක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ලබාදීමට නියෝග කර තිබේ.