දකුණු කොරියාව වෙත බලපා ඇති චාබා චණ්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියාවේ බූසාන් සහ උල්සාන් යන නගරවලට චණ්ඩ මාරුතයෙන් දැඩි හානි සිදුව ඇති අතර, ජේජු දූපත් නගරයටද දැඩි බලපෑම් සිදුව ඇති බව වාර්තා වෙයි.
එම ප්‍රදේශ ආශ්‍රිතව ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට ඇති අතර, පාසල්, කර්මාන්තශාලා මෙන්ම දකුණු කොරියාවේ ප්‍රධාන වරායේද වැඩකටයුතු ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි.
මඩ සහිත ගංවතුර වීදිපුරා වේගයෙන් ගලායන දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම චණ්ඩ මාරුතය ඉදිරියේදී ජපානය වෙත ඇතුළු වන බවත්, ගුවන්ගමන් රැසක් අත්හිටුවා ඇති බවත් කාලගුණ විද්‍යා අංශ්‍ය පවසයි.
දකුණු කොරියාවේ උල්සාන් හි මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි ගිනිනිවන භටහෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.