ෆේස්බුක් සමාජ ජාලය හරහා හඳුනාගත් තරුණියකට පෙම් කළ බව කියල හිිමිනමක එළැඹෙන 7දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කොට තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී හිමිනම ගිහිවෙස් ගෙන තිබුණි.
මාතලේ විල්ගමුවේ පදිංචි සමන් පුෂ්පකුමාර නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අන් අයෙකු ලෙස පෙනීසිටීමේ වරද යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 18ක් වන තරුණිය හමුවීම සඳහා සැකකරු කිහිපවිටක් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගොස් තිබේ. කෙසේ වෙතත් සිද්ධිය හෙළිවීමෙන් පසුව සැකකරු සිවුර හැරගොස් තිබේ.