පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී එකිනෙකාට අපහාස කර ගැනීම් චෝදනා හා චරිත ඝාතන වැනි සිදුවීම්වලට ඉඩ නොතබන ලෙස මන්ත්රීතුවරුන්ට දැනුම් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවැසිය.
අයවැය විවාදය මුළුමනින්ම සජීවීව විකාශය වන හෙයින් රටේ ජනතාව පාර්ලිමේන්තුවේ ක්රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ඔහු පවසයි.
එවන් ක්රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා විශ්වාසය හා ගෞරවය බිඳ වැටීමට ඉඩ ඇති බවද කතානායක වරයා පාර්ලිමේන්තුවේදි අද (23දා) පැවැසීය.