හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සැබෑ තත්ත්වය අද (13 දා) හෙළිදරව් කරන බවබොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.
&චන්ද්‍රිකා උන්දලා ඇමෙරිකාවේ ආයතන වලින් සල්ලි අරගෙන කළ එලි බැහැලා ඉන්නවා. උන්දගේ රෙදිත් අපි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ගලවනවා. උන්දැට ඒ කාලේ කරගන්න බැරිවුණ දේවල් දැන් කරන්න හදන එක ගැන අපි කියනවා. හකීම්ගේ දේවලුත් අපි කියනවා* යැයි උන්වහන්සේ පැවසූහ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ රට මිහින්ලන්තයක් බවට පත්ව ඇති බවත්, ජිනීවා වැනි ප්‍රශ්න මුල්කරගනිමින් කට පියාගෙන සිටීමට සිදුව ඇති බවත්ය.