හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් පොකුණ රඟහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේදී එම රඟහල ඉදිකිරීම සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තැබූ සමරු ඵලකය ගලවා ඉවත් කළ බවටජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසුවද, එය සත්‍යයක් නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනය කරයි.
රඟහලේ වැඩ ආරම්භ කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා නිරාවණය කළ සමරු ඵලකය මෙන්ම එවකට හිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිරාවරණය කළ සමරු ඵලකයද අදටත් එම ස්ථානයේ තිබෙන බවද එමනිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.