කිසිදු රාජ්ය චක්රලේඛයක් මහජන සේවාවන් ප්රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
යම් වෘත්තීය සේවාවක විධිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට යම් චක්රලේඛයක් හරස්වී ඇත්නම් එය කඩිනමින් සාකච්ඡා කර විසඳාගත යුතු බවද ඔහු සඳහන් කළේය.
මෛතී්රපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළේ අද (09දා) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැති ලෝක තැපැල් දින 143 වැනි සැමරුම් උත්සවය අමතමිනි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිවයා වැඩිදුරටත් ප්රකාශ කළේ තැපැල් සේවාවේ පවතින සියලු ගැටලු සාකච්ඡා කර නිරාකරණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
එමෙන්ම ඕනෑම වෘත්තීය ගැටලුවකට සාකච්ඡා මගින් විසඳුම් ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු පැවැසීය.