ගෝලී්ය ත්රස්තවාදය මැඬලීම සඳහා ඇ.ඩො.බිලියන 5ක අරමුදලක් ස්ථාපිත කරන බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා නිවේදනය කර තිබේ.
ඒ යටතේ, සෙසු රටවලට අන්තවාදීන් කොටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ඔබාමා පවසා තිබේ.
එම මුදල් මැදපෙරදිග, අප්රිකානු හා නැගෙනහිර ආසියානු කලාපයේ ත්රස්ත මර්දන කටයුතු වෙනුවෙන් යොදා ගැනෙනු ඇති බවද කියැවෙයි.
මෙම වසර අවසානයේදී ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් අවසන් වීමත් සමග ලොව පුරා මතුවන ත්රස්තවාදය වැළැක්වීම සඳහා වැඩි අවස්ථාවක් උදාවන බවත් ඔබාමා පවසා තිබේ.