කොළඹ ගාලු මුවදොර පිටියේ නඩත්තු සහ මෙහෙයුම් කටයුතු සිදුකිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 2014 වසරේදී ලක්ෂ 33 ක පාඩුවක් සිදුවී ඇති බව හෙළි වී තිබේ.
නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු ඊයේ (10දා) හෙළි වූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට සහභාගී වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේ එකී නඩත්තු කිරීම් සහ මෙහෙයුම් කටයුතුවලදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් පිටස්තර පුද්ගලයන්ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුදල් විශාල වශයෙන් ගලාගිය බවයි.