හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ට්ගාඩ් සභාපති නිශාන්ක සේනාධිපති ඇතුළු හත් දෙනෙකුට ඇප නියම කිරිමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇවන්ට්ගාඩ් සමාගමේ අවි ආයුධ මෙහෙයුම්වලින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කළ නඩුවකට මෙසේ ඔවුන්ට ඇප නියම විය.
එක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් හා මිලියන 10 බැගින් වන ශරීර ඇපයක් මත ඔවුන්ට ඇප ලැබුණි. එසේම සැකකරුවන්ට විදෙස් ගමන්ද තහනම් කෙරිණි.