අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම මස 5 දා සිට 30 දා දක්වා චීනයේ සංචාරයකට එක්විමට අධිකරණය විසින් අවසර ලබාදුන්නේය.
චීනයේ පැවැත්වෙන ආරක්ෂක සම්මන්ත්රණයකට එක්වීමට තමාට අවසර ලැබි ඇතැයිද ඒ සඳහා සිය විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කරන්නයැයිද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ අවසරය ලබාදුන්නේය.