මිග් යානා මිලදී ගැනීමේදී සහ ලංකා හොස්පිටල් ආයතනය තුළ සිදුව තිබෙන බව සඳහන් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය පහමාරකට අධික කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යළිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් අලෙවි කිරීමේදී සිදුව තිබෙන බවට සඳහන් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේදී මිග් යානා හතරක් මිලදී ගැනීමේදී සිදුවූ බවට සඳහන් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අද (20දා) උදේ 9.30 සිට සවස 3.00 දක්වා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.