ශ්රී ලංකාවට පත්ව ආ නව චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. එම හමුව ඵලදායි වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා නිවේදනය කරයි. කෙසේ වෙතත් සාකච්ඡා වූ කරුණු පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.