ජාතික ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් මහතා හමුවීම සඳහා එළඹෙන සතිය මුලදී ඉන්දියාවේ සංවාරයක නිරත වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඉන්දියාවේ ද හින්දු පුවත් පතද මෙම ප්‍රවෘත්තිය තහවුරු කර තිබුණ නමුත් මෙම සංචාරයේ අරමුණ පිළිබඳව ඔවුන්ටද නිළ තහවුරුවක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
එසේම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් මහතා හා ගොඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවන්නේ පළමු වතාවට බවත් හින්දු පුවත් සේවය කියයි.