රාජ්‍ය සේවකයකු ලෙස තමා උපරිමයෙන් වගකීම් ඉටුකළ බවද වත්මන් අධිකරණයේ ස්වාධීනත්වයට ඉතා නිහතමානීව හිස නමා ආචාර කරන බවඳ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් (facebook) ගිණුමේ පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබේ.
එම පණිවුඩය මෙසේය
මම කිසිදිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරදි දේ කිරීමට පසුබට වී නැත්තෙමි. රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්රමුඛ චේතනාව වුයේ මගේ හැකියාවන් යොදවා උපරිමයෙන් වගකීම් ඉටු කිරීමයි. එකල ලක් මව වෙනුවෙන් දිවි පිදූ සැබෑ දේශප්‍රේමින් හා තවත් බොහෝ පරිත්‍යාග කළ අය සමග අපි අපේ මාතෘ භූමියේ තිස් වසරක ශාපලත් ත්‍රස්තවාදය තුරන් කිරීම ගැන ආඩම්බර වෙමු. මාගේ ජීවිතය පරදුවට තබා ඒ ගත් තීරණ ගැන මා කිසි විටෙකත් පසුතැවිලි නොවන අතර, ඒ නිසාම නූපන් දරුවන් සඳහා නව නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අඩිතාලම දැමීමට හැකි විය.
අද දින සත්‍ය වෙනුවෙන් නැගී සිටිමට ධෛර්යය තිබු ගෞරවනීය අධිකරණයට ඉතා නිහතමානීව හිස නමා ආචාර කරමි. තවද මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නායක ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාටත්, නීතිඥ අලි සබ්රි මහතාටත් මගේ අවංක ස්තුතිය පුද කරමි.
එදත්, අදත්, හෙටත් මම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කැප වී සිටින අතර, මාහට දක්වන නොසැලෙන ආදරය හා සෙනෙහස ගැන හෘදයංගම ස්තුතිය පුදකරමි - NGR