ගෝඨා අද අල්ලස් කොමිසමට
රක්නා ලංකා සමාගම සහ ඇවන්ඩ්ගාඩ් සමාගම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමකට අනුව අද (23දා) ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මෙම සමාගම් දෙක සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට ප්‍රකාශ ලබාදෙන ලෙසට ඉල්ලා සිටියත් ප්‍රකාශ ලබාදිය යුත්තේ කුමන කරුණුවලටද යන්න දන්වා නොමැති බවද පවසා සිටියේය.
මේ නිසා අද දිනයේදී එම කොමිෂන් සභාවට ගොස් ප්‍රකාශ අවශ්‍ය වී තිබෙන්නේ කුමන කරුණුවලටද යන්න විමසීමක් සිදුකරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එහිදී ඔවුන් සඳහන් කරන කරුණුවලට අනුව වෙනත් දිනයකදී සියලුම තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
මේ අතර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක කාර්යභාරය සිදුකළ ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂම් සභාවට කැඳවීමට විරෝධය පෑමට උදේ 8.30 ට අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද සංවිධානය කර තිබෙන බවත්, ඒ සඳහා දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන සාමාජිකයන් රැසක් සහභාගී වන බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂම ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එම නීතිය උල්ලංඝනය කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

