රජය තීරණය කළ පරිදි නියං සහනාධාර වගා වන්දි ලබා නොදීම නිසා ගොවීන් රජයට විරුද්ධව ක්‍රියාමාර්ග රැසකට යොමු කරවන බව සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනය සඳහන් කර සිටියේය.
ඒ අනුව එහි එක අධියරක් ලෙස ගොවින් දැනුවත් කරන අත්පත්‍රිකා ලක්ෂ පහක් බෙදාදීම අද (01දා) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ආරම්භ කර තිබිණි .
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මේ අත්පත්‍රිකා බෙදාහැරිම සිදුකරනු ලැබිය .
රුපියල් හතලිස්දාහක රජය පොරොන්දු වූ වන්දි මුදල නිසියාකාරව මෙතෙක් ගොවීන්ට ලැබී නැති බවත් ඒ සඳහා ගොවීන් දැනුවත් කරමින් එයට විරෝධය ප්‍රකාශ කරමින් ගොවි අත්සන් ලක්ෂ පහක් ලබා ගැනීම හා අත්පත්‍රිකා බෙදා හැරීම මෙහිදී සිදුවිය.
වන්දි මුදල් ඉල්ලා ජනාධිපතිවරයා වෙත තැපැල්පත් යැවීම, ආදී විරෝධතා රැසක් ක්‍රියාත්මක කරන බව මෙහිදී නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.