ගොවිතැනට අවැසි පස පරික්ෂා කිරීමේ සේවාව 09 වන දින සිට රටපුරා පිහිටි ගොවිජනසේවා මධ්‍යස්ථාන වලදී ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසිය .
අමාත්‍යවරයා මේ බව කිවේ රජය ක්‍රියාත්මක කර තිබෙන ගොවි සතිය වැඩසටහන යටතේ දඹුල්ල පැල්වෙහෙර කෘෂිකර්ම විදුහලේ රුපියල් මිලියන 264 ක වියදමකින් ඉදිකළ දේශන ශාලාව හා තෙමහල් නේවාසිකාගාරය විවෘත කිරීමට එක්වෙමිනි .
නේවාසිකා ගාරයේ ළමුන් 100කට නැවතීමේ පහසුකම් සපයා ඇත .මෙහිදී අමාත්‍යවරයා පැවැසුවේ පස් පරික්ෂාව සිදුකර යුත්තේ අවශ්‍යදේ හා පසට අනවශ්‍ය දේ සොයා ගෙන වස විෂ නැති අනාගතයක් ඇති කිරීමට බවයි.