ගෙවීයන 2014 වසර ගෝලීය වශයෙන් එදාමෙදා තුර වාර්තා වූ අධිකම උණුසුමක් පැවති වසර ලෙස ඉතිහාස ගත වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ, ලෝක කාලගුණ සංවිධානය විසින් සිදුකරන ලද තක්සේරුවකට අනුව 2014 වසරේ ප්‍රථම මාස 10 තුළ පෘථිවියේ වායුගෝලීය උෂ්ණත්වය දිගුකාලීනව බලපැවැත්වෙන සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.57ක් ඉහළින් පවතින බව කියයි.
එමෙන්ම, මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය සිදුකළ තක්සේරුවේදී, එරට තුළ ප්‍රථම මාස 11ක කාලයේදී මෙම අගය සෙල්සියස් අංශක 1.6ක් ඉහළින් පැවතී තිබේ.
මෙම වර්ෂයේ බලපැවැත්වෙන මෙම තත්ත්වය ඉදිරි මාස දෙකක කාලය තුළත් අඛණ්ඩව පැවතුණ හොත් 1998, 2005 සහ 2010 යන වසරවල පැවති උෂ්ණාධික තත්ත්වයන් විශාල පරතරයකින් අභිභවා 2014 ඉදිරියට පැමිණෙනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් මයිකල් ජැරවුඩ් පවසයි.