පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ප්‍රමාණය මහජන පරිහෝජනයට ඉතාම නුසුදුසු බැවින් සත්ව ආහාර සඳහා ලබාදීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මැතිවරණ වාසි ලබාගැනීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කර ඇති නමුත් එම සහල් තොගය මුදා හැරියේ නම් දේශීය ගොවියා අසරණ වන බවත් අමාත්‍යවරයා පැවසුවේ අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
පරිහෝජනයට කිසිසේත්ම නුදුසුදු මෙම සහල් තොගය සත්ව ආහාර සඳහා ලබාදෙන ලෙසත්, අදාළ පාඩුව සහල් ආනයනය කළ පුද්ගලයන්ගෙන් ලබාගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.