ගෙදර දොරේ වැඩට වැඩි කාලය ගැහැණු දරුවන්ගෙන්
ගැහැණු දරුවන් වැටුප් නොලබා ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ට අයත් යුන්සෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ වයස 5 සිට 14 දක්වා වූ ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට වඩා 40% ක් වැඩියෙන් මෙසේ ගෙදෙර දොරේ වැඩකටයුතු වෙනුවෙන් කාලය වැය කරන බවයි.
එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව එම ගැහැණු දරුවන් දිනකට මිනිත්තු 160ක් මෙසේ වැඩිපුර ගෙදර දොරේ කටයුතු වෙනුවෙන් සිය කාලය වැය කරන්නේ කිසිදු වැටුපක් අය කිරීමකින් තොරවය.
එමෙන්ම, ලොව පුරා ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් අයෙක් නිවසේ කෑම පිසීම හෝ පිරිසුදු කිරීම සිදුකරන බවත්, අඩකට වැඩි පිරිසක් ජලය රැගෙන ඒම හෝ දර කැඩීමට යන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වයි.
එමෙන්ම, කුඩා දරුවන් හෝ වැඩිහිටියන් රැකබලා ගැනීම වැනි කටයුතුවලද ඔවුන් යෙදෙන බවත්, එම වාර්තාවේ දැක්වෙයි. එමෙන්ම, ජලය හෝ දර කැඩීමට නිවසින් බැහැරට යෑම හේතුවෙන් එම දරුවන් ලිංගික අතවරයන්ට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද එහි දක්වා ඇත.
ඔක්තෝබර් 11 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනයට සමගාමීව නිකුත් වූ මෙම වාර්තාවේ ළමා විවාහ, ගැහැණු දරුවන්ගේ ලිංග ඡේදනය ආදී කරුණුද ඇතුළත් වන බවත් කියැවෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

