බංග්ලාදේශ නිල සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගඟන් බුලත්සිංහල මහතා පෙරේදා (08දා) සිය සංචාරය අතරතුර බංග්ලාදේශ ජනාධිපති එම්.ඩී. අබ්දුල් හමීඩ් මහතා හමුවිය. එහිදී දෙදෙනා අතර සුහද සාකච්ඡාවක්ද පැවති අතර, සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය. එසේම ඊයේ (09දා) බංග්ලාදේශ අගැමැතිනී ශීක් හසීනා මහත්මිය හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.