(PICTURES) එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහාද්වීපයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව බලා පිටත්ව යන එම්.අයි 17 හෙලිකොප්ටර් 03 හා එහි සේවය සඳහා ගුවන් නියමුවන් ප්රමුඛ නිලයන් 17ක්ද, සෙසු නිලයන් 105ක්ද අද (09දා) දිවයිනෙන් පිටත්ව ගියහ.
මීට අමතරව දකුණු සුඩානය බලා යාමට නියමිත එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 03 ක් අදාළ පිරිසට අයත් 100 – 120 ත් අතර පිරිසකුත් එක්සත්ජාතීන්ගේ නිවේදනයක් ලැබුණු වහාම වින්ග් කමාන්ඩර් විශ්ව සමන්තගේ නායකත්වයෙන් දිවයිනෙන් පිටත්ව යාමට සූදානම් බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් කෝලිත ගුණරත්න මහතා අද (09දා) ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.