මොරටුව, කොරලවැල්ල නව ගාලු පාරේදී 07 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් කළ ගුවන් හමුදා නිලධාරියා අද (14දා) සවස මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී ගුවන් හමුදා නිලධාරියා විසින් මිය ගිය දරුවාගේ මවට රුපියල් 50,000 ක මුදල් දීමට අධිකරණය පොරොන්දු වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය ඉදිරිපත් කළ කරුණු විමසා බලා මොරටුව අතිරේක මහේස්ත්රාත් එම්.එම්.එම්. මිනාල් මහතා මෙම ගුවන් භටයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසත්, ඔහුගේ රියදුරු බලපත්රය මාස 03 කට අත්හිටුවන ලෙසත් නියෝග කළ අතර, නැවත මෙම නඩු විභාගය මෙම මස 17 කැඳවන ලෙසට නියෝග කළේය.