දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ ආධුනික ගුවන් භටයන් කණ්ඩායමක් පුහුණුව ලබමින් සිටියදී ඊයේ (27දා) බඹර ප්‍රහාරයකට ලක්ව දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
බඹර විෂ ශරීරගත වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ගුවන් භටයන් දෙදෙනෙකු හැර අනෙක් පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබූ අතර හපුතලේ පොලීසිය මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අනාරක්ෂිත බඹර කුඩු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඌවපරණගම - අර්නි දඹදෙනිය