ඇමෙරිකාව සතු ගුවන් යානා ප්රවාහන නෞකාවක් වන නිමිට්ස් (USS Nimitz)නෞකා ඛණ්ඩය හෙට (28දා) කොළඹ වරායට පැමිණීමට නියමිත බව නාවික හමුදා වාර්තා සඳහන් කරයි.
ඒ අනුව 1985 වසරෙන් පසුව ඇමෙරිකානු ගුවන් යානා ප්රවාහන නෞකාවක් ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවද මෙය වෙයි.
නෞඛා ඛණ්ඩය කොළඹ වරායට පැමිණීමෙන් පසුව නැවතත් ඔක්තෝබර් 31දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
ශ්රි ලංකා නාවික හමුදාව හා ඇමෙරිකානු නාවික හමුදාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදුවෙයි.
නිමිටිස් නෞකාව මීටර් 333ක් දිගු වන අතර එය තට්ටු 23ක උසකින් යුක්තය. පුද්ගලයනන් 5000කට පහසුකම් සැපයිය හැකි නෞකාව නෞකාව දිනකට ආහාර 18000ක් පමණ නිපදවයි.