ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැමවිටම උසස් ආරක්ෂක ප්රමිතීන්වලට අනුකූලව කටයුතු කරමින් ගුවන් මගීන්ට උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, ගුවන් මගීන්ගේ ආරක්ෂාව සැමවිටම ගුවන් සමාගමේ මූලිකම ප්‍රමුඛතාව බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
විවිධ මාධ්‍ය වාර්තා මගින් පළවූ ගුවන් නියමුවන් සඳහා නිරන්තරයෙන් අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව තවදුරටත් සිදුකිරීමේ තීරණය පිළිබඳව අවධාරණය කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම නිවේදනය කරයි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමයන්ට අනුව සියලුම ගුවන් සේවාවන් හි ගුවන් නියමු කාර්යමණ්ඩලය මෙම පරීක්ෂණය සිදුකිරීමට අනිවාර්යය බවත්, රාජකාරි අවස්ථාවේදී මෙම පරීක්ෂණය සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීම සිවිල් ගුවන් සේවා රෙගුලාසි උල්ලංඝණය කිරීමක් ලෙස සලකන අතර පවතින රෙගුලාසි සහ ක්‍රියාවලි අනුව එසේ ක්‍රියාකරන්නන් විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනාවටද පාත්‍ර වනු ඇති බවත් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියි.