ගුවන් ගමන් පාලකවරුන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා හා පැවැති සාකච්ඡාව අසාර්ථකවීමත් සමග ගුවන් ගමන් පාලකවරුන් නැවතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය යළිත් ආරම්භ කළ බව එම සංගමය පවසයි. අද (05දා) ප.ව. 4.45ට පමණ යළිත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේය. ඔවුන් මෙසේ අකුරට වැඩ කිරීම හේතුවෙන් ගුවන් ගමන් විනඩි කිහිපයකින් පමණ ප්‍රමාද වෙන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.