ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්ෂණ පද්ධතිය රටේ වත්මන් තත්ත්වයන්ට ගැළපෙන පරිදි ශක්තිමත්ව ස්ථාපිතව ඇති බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කේ.වී.බී. ජයම්පති මහතා ප්‍රකාශ කරයි.
ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ නිරන්තයෙන් වෙනස්වන තාක්ෂණයන්ට ගැළපෙන පරිදි එය ඉදිරියේදී තවත් ශක්තිමත් වනු ඇති බවයි.
කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
එළඹෙන 12 සහ 13 යන දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිත %ගුවන් සමුළුව - 2017^ අන්තර්ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්දු