ගුරුවරියකට පහරදුන් කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට
හාලිඇළ බැද්දේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් අද (03 දා) උදේ සේවය යමින් සිටියදී විදුහල ආසන්නයේදීම කාන්තාවන් දෙදෙනෙකු ගේ පහරදීමට ලක්ව ඇත.
වයි .එම් රංජනී මැණිකේ(42) නමැති ගුරුතුමිය මෙසේ පහර කෑමට ලක්ව තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ ඇය ස්ප්රිංවැලී ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
විද්‍යාලයේම හිටපු ගුරුතුමියකගේ මෙහෙයවීමෙන් ඇගේ සහෝදරියන් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකළ බවත්පෙරේදා රාත්‍රී එම ගුරුතුමිය යළි පාසැලට පැමිණීමට ඉඩ නොතබන බවට තර්ජනය කළ බවත් ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවෝ දෙදෙනෙක් බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.යූ .පී. මානියන්ගම මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලීසියේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

