රටේ පවතින ගුරු හිඟයට ලෙස විශ්‍රාම ගිය ගුරුවරුන් යළි සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඇතැම් විශයන් සඳහා ගුරුවරුන් හිඟවීම සහ බඳවා ගන්නා ගුරුවරුන් පුහුණු කරන තෙක් මෙලෙස වයස අවුරුදු 60 ඉක්මවා ගොස් විශ්‍රාම ගිය ගුරුවරුන්ගේ සේවය ලබාගැනීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැවසූයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් ඒ අනුව දිස්ත්‍රික් පදනමින් 50% වශයෙන්ද අනෙකුත් 50% ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්ද ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා කීය.